ආර්ථික වශයෙන් රාජ්‍යයන් නැවත විවෘත වන අතර තුරදීම කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි රාජ්‍යයන් විසින් සොයාගත යුතු බව එමරි විශ්ව විද්‍යාල රෝහලේ සහකාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කොලීන් ක්‍රාෆ්ට් පවසයි.
"දැන් අපි මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන අතරම ඔවුන්ව ආරක්ෂා කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුයි. අපි කෝවිඩ් සමග ජීවත්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. මොකද පශ්චාත් කෝවිඩ් ලෝකයක් තවත් බොහෝ කාලයක් යනතුරු අපට දකින්න ලැබෙන්නෙ නැහැ. අපට වෛරසය සමගම ජීවත් වීමට සිදුවෙනවා." හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් විනාශ වෙමින් පවතිනවා යැයි ඇමෙරිකානු නායකයා කියා සිටියත්, එවැනි ප්‍රකාශ මත නොසිට තවමත් මාරාන්තික මට්ටමේ ඇති මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා නිරන්තරයෙන් මුඛ ආවරණයක් පැළඳීමට සහ නිරන්තරයෙන් අත් පිරිසිදු කරගැනීමට අවශ්‍ය සනීපාරක්ෂක ක්‍රම භාවිත කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.