පලස්තීන නිවාස 17ක් නීතියෙන් පිට යැයි කියා ඊශ්‍රායලය කඩා දමලා


බටහිර ඉවුරේ ඊශ්‍රායලයට අයත් භූමියට ආසන්නයේ අනවසරයෙන් ඉදිකරළ ගොඩනැගිලි බව පවසමින් පලස්තීන නිවාස පෙළක් කඩා ඉවත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබේ.

නැගෙනහිර ජෙරුසෙලමට ආසන්නයේ වූ නිවාස 17ක් පමණ ඊශ්‍රායලය හමුදාව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මෙසේ කඩා ඉවත් කර ඇත.

කෙසේ වෙතත්, මෙම නිවාස ඉදිකිරීම සඳහා පලස්තීනය තමන්ට අවසර ලබාදුන් බව පවසන එම නිවැසියන්, ඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීන භූමිය ආක්‍රමණය කරන බව පවසා සිටියි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පලස්තීන ජාතිකයන් විසින් නීති උල්ලංඝනය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති බවට තීන්දු කිරීමත් සමග ඒවා මෙසේ කඩා ඉවත් කිරීමට කටයුතු කර ඇත.



Recommended Articles