'පර්සියානු ගල්ෆ් කිඹුලා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මනුෂ්‍ය ඝාතකයෙකු අත්අඩංගුවට ගෙන මරා දැමීමට ඉරාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අත්අඩංගුවට පත්ව තිබුණි.
36 හැවිරිදි වියේ පසුවන ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඝාතනය වී ඇත්තේ වසර ගණනාවක් පුරා සිදුකළ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
ඉරානය සෑම වසරකම සිරකරුවන් සිය ගණනක් මෙසේ ඝාතනය කරයි. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ 2018 දී අවම වශයෙන් පුද්ගලයින් 253 දෙනෙකු ඝාතනය කර ඇති බවය.
ජාත්‍යන්තර පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට ඉරානය තුළ සෘජුවම මරණීය දණ්ඩනය නියම කළ හැකිය.