පපුව නිරාවරණය කළ ෆේස්බුක් තහනම ඇතැම් තැන්හිදී ඉවතට


මානව හිමිකම්වලට ගරු කරමින් සංක්‍රාන්ති ලිංගික සහ ගැහැණු හෝ පිරිමි නොවන පරිශීලකයින්ට ඔවුන්ගේ උඩුකය නිරුවත් පින්තූර පළ කිරීමට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඉඩදිය යුතු බව මෙටා අධීක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, සමහර කාන්තා ක්‍රියාකාරීන් පසුගිය දශකය පුරා "පියයුරු නිදහස් කරන්න" යැයි ව්‍යාපාරයක් දියත් කළද මෙම තීන්දුව කාන්තාවන්ට අදාළ නොවන බව කියයි.

ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් මෙටා හි “ශ්‍රේෂ්ඨාධිකරණය” ලෙස හඳුන්වන ස්වාධීන විශේෂඥ මණ්ඩලය, අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, වැඩිහිටි නිරුවත සහ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ සමාගමේ ප්‍රජා සම්මතය, “මානව හිමිකම් ප්‍රමිතීන් ජාත්‍යන්තරයට ගරු කරන පැහැදිලි නිර්ණායක මගින් පාලනය වන පරිදි සංශෝධනය කළ යුතු බවයි."

අධීක්ෂණ මණ්ඩලය මෙම නිගමනයට පැමිණියේ සංක්‍රාන්ති ලිංගික සහ ගැහුණු හෝ පිරිමි එක්සත් ජනපද යුවළකගේ සිද්ධිය සමාලෝචනය කිරීමෙන් පසුවය.



Recommended Articles