පන්ජාබ් මිලියන 27කට අන්තර්ජාලය කපා හරී


ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජීවත්වන මිලියන 27ක ජනතාවට අඛණ්ඩව තෙවැනි දිනටත් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.

එම ප්‍රාන්තයේ ජීවත් වන ප්‍රබල බෙදුම්වාදී ෂීක් නායකයෙකු වන අම්රිත්පාල් සිං සොයා සිදුකරන මෙහෙයුමක් වෙනුවෙන් මුලින් පැය 24ක අන්තර්ජාල අවහිරයක් නිවේදනය කර තිබුණත්, පසුව එය දින තුනක් දක්වා මෙසේ දීර්ඝ වී තිබේ.

කෙසේ වෙතත්, මෙසේ අන්තර්ජාලය අවහිර කිරීම එම ප්‍රාන්තයේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැඩි බලපෑමක් ඇති තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles