පණ පිටින් සිසුවියක් ගිනිතබා මැරූ ඉස්ලාමීය පාසලේ 16කට චෝදනා


ලිංගික අතවරයක් හෙළිකළේ යැයි පවසමින් පණ පිටින් පුළුස්සා දැමූ බංග්ලාදේශයේ 19 හැවිරිදි පාසල් දැරියගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් 16 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

නුස්රත් රාෆි අධ්‍යාපනය ලැබූ ඉස්ලාමීය පාසලේ ඉහළ මහලේදී භූමිතෙල් වත්කර ඇයට ගිනිතබා තිබුණේ එම පාසලේ ප්‍රධාන ආචාර්යවරයා තමාට සිදුකළ අතවරය ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කිරීමේ පාපයට බව කියැවෙයි.

මේ වනවිටත් අත්අඩංගුවේ පසුවන එම ඉස්ලාමීය පාසලේ ප්‍රධාන ආචාර්ය සිරාජ් උඩ් ඩොවුලා චෝදනා ලැබූවන් අතර මුලින්ම සිටියි.

පොලීසිය පවසන්නේ මෙම තැනැත්තා බන්ධනාගාරයේ සිටම මෙම මරණය සැලසුම් කර ඇති බවයි. එමෙන්ම, මෙම ඉස්ලාමීය පාසලේ පිරිස් හමුදා මෙහෙයුමක් ආකාරයෙන් වඩාත් සූක්ෂමව මෙම ඝාතනය සැලසුම් කර ඇති බවද බංග්ලාදේශ පොලීසිය පවසයි.

එරට තුළ පවතින දැඩි ඉස්ලාමීය නීතියට වහන්ව සිදුවන ලිංගික අතවරයන් සම්බන්ධයෙන් පැන නැගුණු මෙම නවතම සිදුවීම රට තුළ දැවැන්ත විරෝධයක් ඇති වීමටද හේතුවී තිබේ.



Recommended Articles