පාකිස්තානයට ඇද හැලුණු අධික මෝසම් වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුර සහ ඒ ආශ්රිත සිදුවීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 36දෙනෙකු මියගොස් තවත් 145 දෙනෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.
දකුණු සින්ද් පළාත 18දෙනෙකු මිය ගොස් 128 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වයඹදිග ඛයෙබර් පඛුන්ට්කාවා පළාතෙන් මරණ 11ක් ද, නැගෙනහිර පන්ජාබ් පළාතෙන් මරණ 7ක් ද සිදුව ඇත.
ජාතික ආපදා කළමානරණ අධිකාරය ප්රකාශ කළේ, නිවාස 10,860ක් සම්පූර්ණයෙන්ම විනාශ වී 17,010ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි.