පෙෂාවර් නියෝජ්‍ය කොමසාරිස් ෂෆියුල්ලා ඛාන් පවසන පරිදි පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මියගොස් තවත් 150කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම පල්ලිය නගරයේ පොලිස් පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර, සඳුදා දහවල් යාඥාවන් මැද මෙම පිපිරීම සිදුව ඇත.
ඒ අනුව, පිපිරීමට වැඩි වශයෙන් ආරක්සක අංශ ගොදුරුව ඇති බවද සඳහන් වේ. තුවාලකරුවන් වහාම රෝහල් වෙත යවා ඇති අතර, සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.