බලුකිස්තාන් පළාතේ අගනුවර වන පාකිස්තානයේ නිරිතදිග ක්වෙටා නගරයේ බ්‍රහස්පතින්දා බෝම්බයක් පුපුරා ගිය අතර, මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස්, තවත් 15 දෙනෙකුට තුවාල සිදුවූ බව රෝහල් බලධාරීහු පවසති.
සියලුම තුවාලකරුවන් ක්වෙටා හි සිවිල් රෝහල වෙත යොමුකර ඇති බව එහි ප්‍රකාශක වසීම් බේග් මාධ්‍ය වෙත සඳහන් කළේ, මළ සිරුරු හතරක් සහ තුවාල ලැබූ පුද්ගලයින් 15දෙනෙකු ඔවුන්ට ලැබී ඇති බව තහවුරු කරමිනි.
ක්වෙටා හි ජින්නා ප්‍රදේශයේ රජයේ විද්‍යා විද්‍යාලය අසල රැස්වීමක් අවසන් කර සිසුන් පිරිසක් විද්‍යාල ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලිසිය මාධ්‍ය වෙත පැවසීය.
පිපිරීම හේතුවෙන් අවට ගොඩනැගිලි සහ වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි.
ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් තුවාලකරුවන් රෝහලට මාරු කර ඇති අතර තුවාල ලැබූවන් අතරින් අවම වශයෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පැවසේ.
ආරක්ෂක අංශ ප්‍රදේශය වටකර සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. පොලීසිය පැවසුවේ, පිපිරීමේ ස්වභාවය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. එසේම ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් භාරගෙන නොමැති බවද සඳහන් කළේය.