නෝර්වේ දුනු හා ඊතල ප්‍රහාරයක් නිසා 5ක් මරුට


දුන්නක් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයෙකු ගිනිකොනදිග නෝර්වේහිදී පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොංග්ස්බර්ග් නගර මධ්‍යයේ ස්ථාන කිහිපයකදී මෙම ප්‍රහාරය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.

ප්‍රාදේශීය පොලිස් නිලධාරී ඕවින්ද් ආස් පැවසුවේ පස් දෙනෙකු මියගොස් ඇති බව ඉතා අවාසනාවන්ත ලෙස තහවුරු කළ හැකි බවයි.

තුවාල ලැබූ දෙදෙනා රෝහලේ දැඩි සත්කාර ඒකක වෙත යවා ඇති නමුත් ඔවුන්ගේ ජීවිත අනතුරේ තිබෙන බවක් නොපෙනේ. තුවාල ලැබූ අයගෙන් එක් අයෙක් සාප්පුවක සිටි සිවිල් පොලිස් නිලධාරියෙකි.



Recommended Articles