නෝමන්ඩි ආක්‍රමණයේ 75 වැනි සැමරුම මහත් හරසරින් සිදුවෙයි


දෙවැනි ලෝක යුද්ධයේ නොමන්ඩි ආක්‍රමණය (D-Day) හෙවත් ලෝක ඉතිහාසයේ විශාලතම නාවික ආක්‍රමණයේ 75 වැනි සංවත්සරය සිහිපත් කිරීම බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ ප්‍රංශ ජනපති එමානුවෙන් මැක්රෝන් එක්ව සිදුකළහ.

මෙම අවස්ථාවට දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධව සිටි කෘතහස්ථ යුද විරුවන් පිරිසක්ද සහභාගී වී සිටි අතර, මෙහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැතිනිය ලැබූ නිදහස වෙනුවෙන් ඔවුන් සියලු දෙනා වෙත සිය කෘතඥතාව පළ කළාය.

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මැක්රෝන් ඕමා බීච් හි එක්සත් ජනපද යුද සොහොන් බිමේදී මෙම සංවත්සර සැමරුම සඳහා පසුව එක්වනු ඇත.

ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ අනාගත පරපුර වෙනුවෙන් සිහියේ තබාගත යුතු දිනයක් වේ නම් ඒ 1944 ජුනි මස 06 වැනිදා බව බ්‍රිතාන්‍ය අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.



Recommended Articles