කොවිඩ්-19 වෛරසයට එරෙහිව 89%ක් දක්වා ආරක්ෂාව සපයන එක්සත් ජනපද සමාගමක් වන නොවාවැක්ස් විසින් සංවර්ධනය කරන ලද පස්වැනි කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානිය විසින් අනුමත කර ඇත.
ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග එක්සත් රාජධානිය පුරා නැවත වරක් පැතිර යන වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු ආයුධ යොදා ගැනීම එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අරමුණ වී තිබේ.
ඒ අනුව එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය විසින් වැඩිහිටියන් සඳහා පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස ආරක්ෂිත බව පවසා ඇත.