ඔස්ලෝ හි වාර්ෂික LGBT සැණකෙළිවලට පෙර සමලිංගික තැබෑරුම් ශාලාවකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත්, 21දෙනෙකුට තුවාල සිදුකර තිබේ.
මෙම සිදුවීමෙන් පසුව සෙනසුරාදා නෝර්වේහි ත්‍රස්ත අනතුරු ඇඟවීම එහි ඉහළම මට්ටමට ගෙන ඇති බව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම ප්‍රහාරකයාගේ නම සඳහන් කර නැතත්, ඔහු යම් මානසික ආතතියක් පිළිබඳ ඉතිහාසයක් ඇති රැඩිකල්වාදී ඉස්ලාම්වාදියෙකු ලෙස පමණක් සඳහන් කර ඇත.
වෙඩික්කරු 2012 වසරේ සිට බලධාරීන්ගේ අවධානයට ලක්වූ අයෙකු බව නෝර්වීජියානු ඔත්තු සේවය සෙනසුරාදා ප්‍රකාශ කළේය. මේ සමග එරට පැවැත්වෙන වාර්ෂික LGBT සැණකෙළි අවලංගු කර තිබේ.