නේපාලයේ ප්‍රථම කොවිඩ්-19 ආශ්‍රිත මරණය වාර්තා වෙයි


නේපාලයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හා සම්බන්ධ පළමු වැනි මරණය වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මාර්තු 24දා සිට නේපාලය රටපුරා අගුලු දමා ඇති අතර ඉන්දියාවට හා චීනයට වූ එරට දේශසීමා වසා දමා තිබේ.

මේ වනවිට රට තුළ කොරෝනා වෛරසය ආසාදිතයන් 291ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles