නේපාලයේ කත්මණ්ඩු නුවර පිපිරීම් 2කින් ජීවිත හානි 3ක්


නේපාලයේ කත්මණ්ඩු නුවර සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් තිදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

මෙම පිපිරීම්වලින් තවත් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කියැවෙයි.

මෙහි එක් පිපිරීමක් නගර මධ්‍යයේ සිදුව ඇති අතර, අනෙක් පිපිරීම නගරයෙන් පිටත සිදුව ඇති බවද එම වාර්තා පවසයි.

පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැතත්, ඒවා හිතාමතා සිදුකළ ප්‍රහාර බව මූලික පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව සඳහන් වෙයි.

මේ වනවිට ස්ථාන දෙකේම ආරක්ෂාව තර කර ඇති අතර, විශේෂයෙන්ම කත්මණ්ඩු අගනුවර ආරක්ෂාව දැඩි කරමින් පිපිරීම් සම්බන්ධ පරීක්ෂණ සිදුකරයි.

බංග්ලාදේශ පොලිස් ප්‍රධානියා පවසා සිටියේ එක් පිපිරීමක් සිදුවූ ස්ථානයක තිබී මාවෝවාදී කැරලිකරුවන්ට අයත් ලිපි ලේඛන හමුව ඇති බවයි.

පසුගිය පෙබරවාරි මාසයේදීද කත්මණ්ඩු නුවර පිපිරීමක් සිදුකරමින් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්වූයේ මාවෝවාදීන්ගේ ප්‍රහාරයකිනි.



Recommended Articles