නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ බලධාරීන් විසින් රාජ්ය හා පෞද්ගලික ප්රවාහන සේවා සඳහා පනවා තිබූ දැඩි කොවිඩ්-19 සීමා ලිහිල් කරමින්, වෙළෙඳ සැල් විවෘතව තැබීම සඳහා වැඩි මෙහෙයුම් කාලයක් ලබාදී තිබේ.
කෙසේ වෙතත් දැනට පනවා ඇති සංචරණ සීමා තවත් අඛණ්ඩව දින 10ක් පවත්වා ගැනීමටද බලධාරීන් තීරණය කර ඇත.
"මීට පෙර කොවිඩ්-19 සීමා ලිහිල් කිරීමෙන් පසුව පවා ආසාදන සැලකිය යුතු ලෙස ඉහළ නොගිය හෙයින් දැඩි නියෝග තවදුරටත් ලිහිල් කිරීමට අපි තීරණය කළා" කත්මණ්ඩු නිම්නයේ දිස්ත්රික්ක තුනෙන් එකක් වන ලලිත්පූර්හි ප්රධාන දිස්ත්රික් නිලධාරි ධුන්දි ප්රසාද් නිරෝලා පැවසීය.
ඉන්දියාවට පසුව නේපාලය තුළ කොවිඩ්-19 තත්ත්වය වඩාත් දරුණු වනු ඇති බවට විශ්වාස කෙරුණත්, එරට තත්ත්වය යම් තරමකින් පාලනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.