නේපාලය චීනයෙන් පරිත්‍යාග කළ එන්නත් ලබාදීම අරඹයි


නේපාලය විසින් චීනයෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාදීම ඊයේ (07දා) ආරම්භ කර තිබේ.

චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත් සමූහයක් පසුගිය මස අගදී නේපාලයට ලබාදී තිබුණි.

රටේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශයට අනුව, කත්මණ්ඩු ඇතුළු දිස්ත්‍රික්ක 7ක රෝහල් 23කදී චීන එන්නත් ලබාදෙනු ලැබේ.



Recommended Articles