නේපාල ජෙට් යානය කඩා වැටුණු ප්‍රදේශය හඳුනාගනී


නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAAN) ප්‍රකාශ කළේ කපිතාන්වරයාගේ ජංගම දුරකථනය ලුහුබැඳීම මත පදනම්ව නේපාල හමුදා හෙලිකොප්ටරයක් ​​මස්ටෑං හි ටාරා එයාර් ගුවන් යානය කඩා වැටුණු බවට සැක කෙරෙන ස්ථානයක් හඳුනාගෙන ඇති බවයි.

වළාකුළින් බර කාලගුණයකදී පුද්ගලයින් 22දෙනෙකු සමග නේපාලයේ කඳුකර ප්‍රදේශයේදී ඉරිදා උදෑසන යානය අතුරුදන් වූ අතර, ප්‍රදේශවාසීන් විසින් ගින්නක් ඇති වූ ස්ථානයට සෝදිසි කණ්ඩායම් යවා ඇති බවද නිලධාරීහු පැවසූහ.

රජයට අයත් නේපාල රූපවාහිනිය පැවසුවේ හිමාල කඳු මනපති පාමුල ලියන්කු ඛෝලා නදියේ උල්පත් ප්‍රදේශයේ ගුවන් යානයක් ගිනි ගන්නා බව ගම්වාසීන් දැක ඇති බවයි.

මෙම ගුවන් යානය දේශීය වේලාවෙන් පෙරවරු 10:07 ට පමණ ගුවන් පාලක මැදිරිය සමග අවසන් වරට සම්බන්ධ වී සිට ඇත.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලය තිදෙනෙකු ඇතුළුව ඉන්දියානුවන් හතර දෙනෙකු, ජර්මානුවන් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයින් 16දෙනෙකු සිටි බව ගුවන් සමාගම පවසයි.

ගුවන් යානය කත්මන්ඩු අගනුවරට කිලෝමීටර් 125ක් බටහිර දෙසින් පිහිටි සංචාරක නගරයක් වන පොක්හාරා සිට කිලෝමීටර් 80ක් පමණ වයඹ දෙසින් පිහිටි ජොම්සෝම් වෙත ගමන් කරමින් සිට ඇත.



Recommended Articles