නේපාල පාර්ලිමේන්තුවේ කතානායකවරයා ස්ත්‍රී දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මේ වනවිට සිය සේවයෙන් ඉල්ලා අස්වී තිබේ.
ක්‍රිෂ්ණා බහදූර් මහාරා නමැති හිටපු කතානායකවරයා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පාර්ලිමේන්තුවේ සේවිකාවක විසින් තමන් ඔහු අතින් දූෂණයට ලක්වූ බවට චෝදනා ගොනු කිරීමත් සමගිනි.
පසුගියදා කත්මණ්ඩු අධිකරණය විසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරනවිට බහදූර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
හිටපු මාවෝවාදියෙකු වූ හිටපු කතානායකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
පසුගිය ඉරිදා දිනයේදී ඔහු බීමතින් මෙම අතවරය සිදුකර තිබුණේ මෙම කාන්තාවගේ නිවසටම ගොසිනි.
ඇයගේ සාක්ෂියට අනුව වෙරි මතින් තම නිවසට කඩා වැදුණු මෙම පුද්ගලයා, මුලින්ම ඇයට පහරදී ඇත. අවසානයේදී ඔහු ඇයගෙන් මිදී ඇත්තේ තමන් පොලීසියට පැමිණිලි කරන බවට ඇය කියා සිටීමත් සමගිනි.