ස්පාඤ්ඤයේ, මැඩ්රිඩ් අගනුවරදී නේටෝ හමුදා සන්ධානයේ සමුළුවට පැවැත්වීමට පෙර එම අගනුවරට රැස්වූ දහස් ගණන් විරෝධතාකරුවන් පවසා සිටියේ, නේටෝව යුද්ධය ප්‍රවර්ධනය කරන බවයි.
එහිදී විරෝධතාකරුවන් පා ගමනක්ද පැවැත්වූ අතර, මෙම විරෝධතාවයට සම්බන්ධ වූ කණ්ඩායම් බොහොමයක් පසුගිය දින දෙක තුළ 'සාමය සඳහා සමුළුවකට' සහභාගී වූ අතර, ලොව පුරා විවිධ රටවල ලෝක සාමය සහ ආරක්ෂාව පිළිබඳ අනාගතය ගැන එහිදී සාකච්ඡා කර තිබුණි.
සමහර විශාල ස්පාඤ්ඤ වෘත්තීය සමිති ද Ecologists in Action සහ Fridays for Future වැනි කණ්ඩායම්ද මෙම විරෝධාතවන්ට සම්බන්ධ විය.
"අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්" යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය. "ඔවුන් සමග එය යුද්ධයක් සහ කාලකන්නිකමක් පමණයි. එබැවින් අපට අපේ රටට නේටෝව අවශ්‍ය නැහැ. අපි විරෝධතා දක්වන්නේ ඒ නිසයි."