නේටෝව රුසියානු දේශසීමා අසල අභ්‍යාස ආරම්භ කරයි


මහා පරිමාණ නේටෝ හමුදා අභ්‍යාස සඳුදා එස්තෝනියාවේ ආරම්භ විය. 'හෙජ්හොග් 2022' ලෙස නම් කර ඇති මෙම අභ්‍යාසය බෝල්ටික් රාජ්‍ය ඉතිහාසයේ විශාලතම යුද අභ්‍යාසයකි. මෙම අභ්‍යාස සඳහා හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් ඇතුළු රටවල් 14ක භට පිරිස් 15,000ක් පමණ සහභාගි වනු ඇත.

ෆින්ලන්ත, ස්වීඩනය, ජෝර්ජියාව සහ යුක්රේනය යන රටවල සෙබළුන් මෙම අභ්‍යාසයට සහභාගී වන බව ෆින්ලන්ත රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. මෙම අභ්‍යාසවලට ත්‍රිවිධ හමුදාවේ සියලුම කණ්ඩ ඇතුළත් වන අතර ගුවන්, මුහුදු සහ ගොඩබිම් අභ්‍යාස මෙන්ම සයිබර් යුධ පුහුණුවද ඇතුළත් වන බව සඳහන් කළේය.

නේටෝ ප්‍රකාශයකට අනුව, අභ්‍යාස සඳහා එක්සත් ජනපද නාවික හමුදාවේ සුවිශේෂී යුද නෞකාවක් වන "Kearsarge" අභ්‍යාස සඳහා සහභාගී වනු ඇත. රුසියානු දේශසීමාවේ සිට කි.මී. 60ක් පමණ ඈතින් ඇති අභ්‍යාසවලට යුක්‍රේනයේ මොස්කව්හි සිදුවෙමින් පවතින හමුදා ක්‍රියාමාර්ගයට කිසිදු සම්බන්ධයක් නොමැති බව එම හමුදා කණ්ඩායම සහ එස්තෝනියානු ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් වීකෝ-වෙලෝ පාම් යන පාර්ශ්ව ද්විත්වයම තහවුරු කර ඇත.



Recommended Articles