නේටෝව තවමත් සීතල යුද්ධයක - රුසියාව කියයි


නේටෝ සංවිධානය විසින් නැගෙනහිර කලාපයේ රුසියාවට ඇති තර්ජනය වැළැක්වීම සඳහා සිය උත්සාහයන් යොමු කිරීම තුළින් යල් පැනගිය සීතල යුද්ධයේ අරමුණු අනුගමනය කරමින් සිටින බවට රුසියාවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ චෝදනා කරයි.

මෙම පරිණාමීය මාවතට පැමිණි නේටෝව ඇත්ත වශයෙන්ම 1949 තත්ත්වය කරා යළි ගමන් කරමින් සිටින බව ගෘෂ්කෝ පැවසීය.

නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙම අදහස් පළ විය.



Recommended Articles