තම වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් අමතර 4%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන්කරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු නෝටෝ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරදී පැවති නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙමින් ට්‍රම්ප් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ධවල මන්දිරය පවසයි.
එමෙන්ම, මෙම සමුළුවේදී ජර්මනිය වෙත ඇඟිල්ල දිගු කරමින් ඔවුන්ගේ ආරක්ෂක වියදම් ප්‍රමාණවත් නොවන බවටද ට්‍රම්ප් චෝදනා කළේය.
මේ අතර, නේටෝ මහ ලේකම්වරයා පවසා සිටියේ නේටෝ සංවිධානයේ සියලු සාමාජිකයන් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් තවත් 2%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන්කිරීම සිදුකළ යුත්තක් දැයි විමසා බැලිය යුතු බවයි.