චීනය විසින් රුසියාවට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇති බවත්, එය රුසියාවේ යුක්රේන මෙහෙයුමට සහාය දැක්වීමක් බවත් නේටෝ මහ ලේකම් ජීන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.
කෙසේ වෙතත්, නේටෝව විසින් ගෙනහැර දක්වන මෙම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන චීනය පවසන්නේ, එය පදනම් විරහිත චෝදනාවක් බවයි.
යුක්රේනයට ආයුද සපයන ප්‍රමුඛතම රාජ්‍යයන් අතර එක්සත් ජනපදය ප්රමුඛ නේටෝව පවතින බව පෙන්වා දෙන චීනය, එසේ කටයුතු කරමින් චීනය රුසියාවට ආයුද සපයන බවට පැවසීම විහිළුවක් බව පවසා සිටියි.