නේටෝ එහි දුර්වලතා සඳහා වන්දි ගෙවාවි - සෙලෙන්ස්කි


ගෙවුණු සතියේ සිට යුක්රේනයට පහර දුන් රුසියානු ප්‍රහාරය මධ්‍යයේ රට පුරා පියාසර තහනම් කලාපයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිකුරාදා නේටෝ සන්ධානයට බැණ වැදුණි.

"යුක්රේනයට ඉහළින් අහස වසා නොදැමීමේ තීරණය නේටෝව දැනුවත්ව අනුමත කළා. යුක්රේනයට ඉහළින් අහස වසා දැමීම නේටෝවට එරෙහිව සෘජු රුසියානු ආක්‍රමණයක් අවුලුවාලනු ඇතැයි නේටෝ රටවල් විසින්ම නිර්මාණය කළ කතාවක් බව දැන් අප විශ්වාස කරනවා" සෙලෙන්ස්කි වීඩියෝ දේශනයකදී පැවසුවේ, "ඔබ (නේටෝව) නිසා රට තුළ මිනිසුන් මිය යනු ඇති" බවද අවධාරණය කරමිනි.

සන්ධානයෙන් සාමාන්‍ය ආධාර හිඟයක්ද ඔහු ප්‍රකාශ කළ අතර, එමගින් රටට කුඩා ඉන්ධන බෙදා හැරීමකට අවසර දීමට පමණක් හැකි වූ බව ප්‍රකාශ කළේය. යුක්රේනය සන්ධානයේ විශේෂ "හවුල්කරුවෙකු" ලෙස පිළිගෙන ඇති අතර, යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමග යුද්ධයකට නොයන බවට නේටෝව පැවසීමත් සමග යුක්රේන නායකයා නැවත නැවතත් සිය කණස්සල්ල පළ කළේය.

"අද සන්ධානයට (නේටෝවට) කළ හැකි වූයේ එහි ප්‍රසම්පාදන ක්‍රමය හරහා යුක්රේනයට ඩීසල් ඉන්ධන ටොන් 50ක් වෙන් කිරීම පමණයි." සෙලෙන්ස්කි පැවසුවේය.

පවතින ගැටුම නේටෝවේ "දුර්වලතාව" හෙළිදරව් කර ඇති බව පැවසූ යුක්රේන විදේශ ඇමති දිමිත්‍රි කුලේබා විසින්ද එවැනිම ප්‍රකාශයක් සිදුකර තිබේ.

යුද්ධයට පෙර යුක්රේනියානු ජනතාව විශ්වාස කළේ නේටෝව ශක්තිමත් බවත්, යුරෝපා සංගමය දුර්වල සහ අවිනිශ්චිත බවත්ය. යුද්ධය ආරම්භ වූ පසු, එහි ප්‍රතිවිරුද්ධ දෙය සත්‍ය බව ජනතාව දුටුවේය" කුලේබා රූපවාහිනී සාකච්ඡාවකදී පැවසීය.



Recommended Articles