නේටෝ එපා කියමින් යුරෝපයේ උද්ඝෝෂණ


බෙල්ජියමේ වෘත්තීය සමිතිවල එකතුවෙන් 70,000 සිට 80,000ක් දක්වා පෙලපාලිකරුවන් සංඛ්‍යාවක් සහිත විරෝධතාවක් බ්‍රසල්ස්හි වීදි අසුරමින් පවත්වා තිබේ.

බෙල්ජියමේ ඉහල යන ජීවන වියදම පිළිබඳ කෝපය ප්‍රකාශ කිරීමට අමතරව, බොහෝ දෙනෙක් එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ සන්ධානය සහ යුක්රේන ගැටුමට එහි මැදිහත්වීම හෙළා දකිමින් සටන්පාඨ පවසා ඇත.

මෙම විරෝධතාව නිසා බ්‍රසල්ස් ගුවන් තොටුපළේ ගුවන් ගමන් විශාල වශයෙන් අවලංගු කිරීමට හේතු විය. නගරය වටා ඇති පොදු ප්‍රවාහන ක්‍රමද විශාල ලෙස අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක වී තිබේ.

ජූනි මාසයේදී බෙල්ජියමේ උද්ධමනය 9%ක් දක්වා ළඟා වූ අතර එය දශක හතරක ඉහළම අගයකි. ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටීමත් සමග විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ වැටුප් වැඩිකිරීම් සහ බදු කප්පාදුවකි.



Recommended Articles