අනිවාර්ය හුදකලාව, මුඛ ආවරණ සහ සමාජ දුරස්ථ විධාන ඇතුළු කොවිඩ්-19 සීමාවන් නෝර්වේ විසින් ඉවත් කරනු ඇති බව එරට රජය ප්‍රකාශ කරයි.
වත්මන් ඔමික්‍රෝන් රැල්ල එරට තුළ යම් පාලනයකට නතු කිරීම සහ රටේ බහුතරයකට බූස්ටර් එන්නත් මාත්‍රාවද සමග එන්නත්කරණය සාර්ථකව සිදුකිරීමද මීට හේතු බව කියැවෙයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය බොහෝ රටවලට අවධාරණය කර තිබුණේ, ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවන ලෙසය. එය තවත් ප්‍රභේද සඳහා ඉඩකඩ වැඩි කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.