ජර්මනියේ හදිසි නීතිය නොවැම්බර් 25දා අවසන් වීමට නියමිත බැවින් ජර්මනියේ පාර්ලිමේන්තුව නව නීති ගැන විවාද කරමින්, හදිසි නීතිය දක්වා දීර්ඝ කිරීමක් වෙනුවට, මුඛ ආවරණ අඛණ්ඩව භාවිත කිරීම වැනි පියවර විධිමත් කිරීමට සහ දීර්ඝ කිරීමට බලාපොරොත්තු වේ.
ඔවුන් නැවතත් නොමිලේ පරීක්ෂණ ලබා දීමට සහ එන්නත් මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට උත්සාහ කරන බවද වාර්තා වෙයි.
බ්‍රහස්පතින්දා, ජර්මනිය පැය 24ක් තුළ නව ආසාදිතයන් 50,196 ක් වාර්තා කළ අතර එය වසංගතය අතරතුර රට තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවයි. එසේම රට තුළ එන්නත් ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව වැඩි කිරීමට උත්සාහයන් දිගටම කරගෙන යයි.
වසංගතය ආරම්භ වූදා සිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව, මෙම ගිම්හානයෙන් පසු බටහිර යුරෝපයේ පළමු අර්ධ අගුලු දැමීම සිදුකිරීමට නෙදර්ලන්තය සලකා බලයි.
නෙදර්ලන්තය ගෙවුණු පැය 24ක් තුළ නව ආසාදිතයන් 16,364ක් වාර්තා කළ අතර එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමකි.
අර්ධ අගුලු දැමීම පනවනු ලැබුවහොත්, පාසල් විවෘතව පැවතියද, කැෆේ සහ අවන්හල් කලින් වසා දැමීමට සිදුවනු ඇති බව කියයි. ඒ අනුව මෙම ක්‍රියාමාර්ග පිළිබඳව සිකුරාදා නෙදර්ලන්තය තීරණය කිරීමට නියමිතය.
මේ අතර රුමේනියාවේ කොවිඩ්-19 රෝහලක ඇති වූ මාරාන්තික ගින්නකින් රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර හෙදියක් තුවාල ලැබීය. වසංගතය අතරතුර රුමේනියානු රෝහලක ඇති වූ සිව්වැනි මාරාන්තික ගින්න මෙයයි.