නෙතන්යාහු දේශපාලන අවුලක


ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු රට තුළ මුහුණදෙන බරපතළම අර්බුදය මඟහරවා ගැනීමට උත්සාහ කරමින් සිටියි.

එරට රූපවාහිනී නාලිකා දෙකක් සිදුකළ සමීක්ෂණ පෙන්නුම් කළේ, දැන් මැතිවරණයක් පැවැත්වුවහොත්, ආසන 120කින් යුත් නෙතන්යාහුගේ පාලන සන්ධානයට හිමි ආසන සංඛ්‍යාව 64 සිට 52ක් හෝ 53ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.

පසුගිය වසරේ නොවැම්බර් 1දා මැතිවරනයකින් පසුව පිහිටුවන ලද නෙතන්යාහුගේ ජාතිකවාදී-ආගමික හවුල, ජනතා විරෝධතා නොතකා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර බලතල සීමා කරන නීති සම්පාදනයට පාර්ලිමේන්තු අනුමැතිය ලබා දුන්නේය.

ඊශ්‍රායලයේ සමීප සගයෙකු වන එක්සත් ජනපදය නෙසෙට් ඡන්දය "අවාසනාවන්ත" ලෙස හැඳින්වූ අතර පුළුල් සම්මුතියක් සඳහා වැඩ කරන ලෙස ඉල්ලා සිටියේය. 

පෙර නොවූ විරූ මහජන දේශපාලන පසුබෑම මධ්‍යයේ සඳුදා ඡන්දය අතරතුර විරෝධතාකරුවන් දහස් ගණනක් වීදි ​​බැස තිබූ අතර, අඟහරුවාදා වෛද්‍යවරු වැඩ වර්ජනයක් ප්‍රකාශ කළහ.



Recommended Articles