නූතන තාක්ෂණය ඔස්සේ කේලම් කීම හෙවත් ස්ක්‍රීන්ෂොට් කේලම්


නූතන ඩිජිටල් තාක්ෂණය පෙර නොවූවිරූ අයුරින් සමාජය තුළ පැතිරෙමින් ඇති අවස්ථාවක අතීතයේදී නාන ළිඳ ළඟ කියූ කේලම් අද ස්මාට්ෆෝන් ඔස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් ආකාරයෙන් ලැබෙමින් පවතී.

එහිදී, නවීන තාක්ෂණය ඇසුරු කරන ඕනෑම පුද්ගලයෙකු තම ස්මාර්ට් ජංගම දුරකතනයේ හෝ පරිගණක තිරයේ දිස්වන යම් දෙයක ඡායාරූපයක් ලබා ගැනීම හෙවත් ස්ක්‍රීන්ෂොට් තාක්ෂණය පිළිබඳ දැනුවත් බැවින්, මේ ඔස්සේ මිනිස් සම්බන්ධතා කැඩීබිඳී ගිය අවස්ථා බොහෝබව කියැවෙයි.

ඒ අනුව, මේ ස්ක්‍රීන්ෂොට් කේලම් හේතුවෙන් බොහෝ දෙනෙකු ඉතා අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණදී ඇති බවද සඳහන් වෙයි. මෙසේ ලබාගන්නා ස්ක්‍රීන්ෂොට් ඡායාරූපය පසුව නැරඹීමට හෝ තවත් අයෙකු වෙත යැවීම සඳහා සිය දුරකතනය තුළ සුරැකිව තබා ගැනීමට බොහෝ දෙනෙක් ක්‍රියා කරන බවත්, එය නිවැරදි මෙන්ම වැරදි චේතනාවක් පෙරදැරිව සිදු කරන ක්‍රියාවක් විය හැකි බවත් සඳහන් වෙයි.



Recommended Articles