නිව්යෝක්හි බිළිඳෙකු අතැතිව සිටි කතක් වෙඩි පහරින් මරුට


ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේදී කුඩා බිලිඳෙකු කරත්තයේ දමාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණ කාන්තාවක හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම වෙඩි පහරට ලක්වූ කාන්තාවන එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සැකකරු අල්ලා ගැනීම සඳහා පොලීසිය දැනටමත් මෙහෙයුම් අරඹා ඇත.

එක්සත් ජනපදයේ ගිනිඅවි නිදහස් භාවිතය සමග එරට තුළ මනුෂ්‍ය ඝාතනයන් පසුගිය කාලය පුරාවට වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ.



Recommended Articles