නිව්යෝක්හි පුද්ගලික ව්‍යාපාර සඳහා එන්නත් අනිවාර්ය කරයි


ශීත ඍතුවේදී කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමට එරෙහිව සටන් කිරීම සඳහා නගරයේ පෞද්ගලික ව්‍යාපාර සඳහා එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින්, එන්නත් විධානයක් ප්‍රකාශයට පත්කිරීමට නිව්යෝක් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ කටයුතු කර තිබේ.

නව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන්නත් අනිවාර්ය විය යුතු බව ඩි බ්ලැසියෝ පැවසීය.

"මේ වනවිට, අපි සියලුම ඉදිරිපෙළ වෘත්තිකයන් මෙන්ම, සියලු සේවකයන් සහ වයස අවුරුදු 12 සහ ඊට වැඩි සියලුම දෙනා, අවම වශයෙන් එක් වරක් එන්නත් කිරීමට අවශ්‍යයි. මේ එන්නත්කරණය හරහා ගෘහස්ථ භෝජන සංග්‍රහය, ක්‍රීඩා ශාලාවන්, විනෝදාස්වාද කටයුතු පහසුවෙන් කරගෙන යෑමට හැකි වුණා. එය සාර්ථකයි." ඩි බ්ලැසියෝ පැවසීය.

"ඒ වගේම අපි දැන් එම උත්සාහය තවදුරටත් පුළුල් කිරීමට යන්නේ වයස අවුරුදු 12 සිට ඉහළට සියලුම දෙනාට සහ සේවකයන් සඳහා මාත්‍රා දෙකක් ලබාදීමෙනුයි. මෙය දෙසැම්බර් 27 සිට ක්‍රියාත්මක වෙනවා." ඔහු කීවේය. "මෙයි අදහස නම් ඒ වන විට ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබා ගත් සෑම දෙනාටම, ඒ වනවිට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට හැකි වනු ඇති. අපි පෙරට යාමට පටන් ගෙන තිබෙනවා. එම දෙවන මාත්‍රාව ලබා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීමද අවශ්‍යයයි."



Recommended Articles