නිව්යෝක් නගරයේ බ්‍රොන්ක්ස් මහල් නිවාසයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නගරාධිපති එරික් ඇඩම්ස් තහවුරු කරයි.
"අද අපට අපේ අසල්වාසීන් 19දෙනෙකු අහිමි වී තිබෙනවා. එය මැනිය නොහැකි ඛේදවාචකයක්. අපට අහිමි වූවන් වෙනුවෙන්, විශේෂයෙන් අපෙන් වෙන්වූ අහිංසක කුඩා දරුවන් වෙනුවෙන්ද යාඥා කිරීමට මා හා එක්වන්න" ඇඩම්ස් ට්වීට් කළේය.
"සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු වෙමින් පවතිනවා. මේ ඛේදවාචකයෙන් පීඩාවට පත් වූ සෑම කෙනෙකු සමගම නගරයක් ලෙස සෑම අයෙකුම ඉදිරි දිනවල ඔබ සමග සිටිනු ඇති" ඇඩම්ස් වැඩිදුරටත් පැවසීය.