නිව්යෝක් හදිසි විදුලි බිඳ වැටීමක් - දුම්රිය පද්ධතියේ මිනිසුන් සිරවේ


ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා උමං දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබේ.

නිව්යෝක් ගිනි නිවන ඒකකය පවසා සිටියේ මෑන්හැට්න් නුවර විදුලි ට්‍රාන්ස්පෝමරයක් ගිනි ගැනීම නිසා මෙම තත්ත්වය උදාවූ බවයි.

මෙම හදිසි විදුලිය බිඳ වැටීම මෑන්හැටන් නුවර පුද්ගලයන් 42,000කට පමණ සෘජුවම බලපෑම බව නිව්යෝක් බලශක්ති සමාගම පවසයි.

කෙසේ වෙතත්, එරට අලුයම වනවිට විදුලිය නැවත යථාතත්ත්වයට පත්කිරීමට හැකි වූ බව ඔවුන් පවසා තිබේ.



Recommended Articles