ඇමෙරිකාවේ නිව්යෝක් විශ්වවිද්‍යාලයේ බෝම්බ බියක් හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක සිටි පිරිස් ඉවත් කරමින් සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට බලධාරීන් කටයුතු කළේය.
එහිදී නිව්යෝක් විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනකට බෝම්බ තර්ජන ලැබී ඇත. ඒවා නම්, ස්ටර්න් ව්‍යාපාර පාසල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය සහ හෙබ්‍රෙව් යුනියන් විද්‍යාලයයි.
බලධාරීන් සඳහන් කළේ ඒ අනුව ස්ථානවල සිසුන් ඉක්මනින් ඉවත් කළ බවත්, පොලිසිය ඉන් අනතුරුව සෝදිසි මෙහෙයුම් ඇරඹූ බවත්ය.
ඒ අනුව සවස් කාලය වනවිට සෝදිසි මෙහෙයුම් අවසන් කර බෝම්බ තර්ජනයක් නොමැති බව පොලීසිය තහවුරු කර තිබේ.
මේ ආකාරයෙන්ම පසුගියදා දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සහ මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලයටද බෝම්බ බියක් හේතුවෙන් සිසුන් ඉවත් කිරීමට සිදුවිය.