නිව්යෝක් පාසලක වෙඩි තැබීමක් නිසා ජීවිත හානි


ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි බ්‍රොන්ක්ස් හි පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් මිය ගොස් තවත් යෞවනයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

සවුත් බ්‍රොන්ක්ස් පාසල අසල තවත් 16 හැවිරිදි ගැහැණු ළමයෙකුට සහ 17 හැවිරිදි පිරිමි ළමයෙකුට වෙඩි තැබීමෙන් තුවාල සිදුව ඇති බව නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී තිමෝති මැකෝමැක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

පොලීසිය පැවසුවේ, කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, සැකකරුවන් සොයා නිලධාරීන් තවමත් පරීක්ෂණ පවත්වමින් සිටින බවත්ය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මේ ආකාරයේ වෙඩි තැබීම් සුලභ දසුනක් වන අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවල කතාබහ කෙරුණද, ඒවා කතාබහට පමණක් සීමාවී ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles