නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව කොරෝනාවෙන් මියගිය ඇමෙරිකානුවන්ට වෙන්වේ


ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඉරිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය ඇමරිකානුවන්ගේ නම් ලැයිස්තුවක් සමග මුද්‍රණය කර තිබේ.

ඇමෙරිකාවේ කොවිඩ්-19 වසංගතයේ මරණ සංඛ්‍යාව 100,000 සීමාවට ළඟා වන අවස්ථාවේදී, වසංගතයට ගොදුරුව මියගිය අය සිහිකරනු වස් මෙවර මුල් පිටුවේ මියගිය ඇමෙරිකානුවන් 1,000ක් හෝ එක්සත් ජනපද කොවිඩ්-19 මරණවලින් 1%ක් පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය දක්වා ඇත්තේ "ඇමෙරිකානු මරණ 100,000කට ළඟයි, ගණනය කළ නොහැකි පාඩුවක්..." යනුවෙනි.



Recommended Articles