නිව්යෝක් ජලයෙන් යටවෙයි සුළි කුණාටුවෙන් මරණ 44ක්


ඉඩා සුළි කුණාටුවේ අවශේෂ හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රාන්ත හතරකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 44දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.

මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මියගිය අයගෙන් වැඩි දෙනෙක් මහල් නිවාසවල බිම් මහලේ ජීවත්ව සිටි අය බව කියයි.

නිව්යෝක්, නිව් ජර්සි, කනෙක්ටිකට් සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තයන්හි නිවැසියන් දවස පුරාම ජලයෙන් යට වූ බිම් මහලවල, විදුලිය ඇනහිටීම්, හානියට පත් නිවාස සහ ගංවතුරෙන් අතරමං වී සිටින මිතුරන් හා පවුලේ සාමාජිකයන් වෙනුවෙන් උපකාර ඉල්ලා සිටියහ.



Recommended Articles