නිව් මෙක්සිකෝ බස් රථ අනතුර මගී ජීවිත 7කට මරු කැඳවලා


එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරරෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

වේගයෙන් ධාවනය වී ඇති ට්‍රක් රථයේ ටයරයක් පුපුරා යාමත් සමග එම ට්‍රක් රථය පාරෙන් ඉවතට පැන අනෙක් අන්තයේ ධාවනය වූ බස් රථය සමග වේගයෙන් ගැටී තිබුණි.

මෙම අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 49 දෙනෙකු සිට ඇති අතර, පුද්ගලයන් 43 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. මියගිය අය අතර එසේ රෝහල්ගත කළ පිරිසද වෙති.

අනතුරට පත් ට්‍රක් රථයේ රියදුරාද රෝහල්ගත කර ඇති නමුත්, ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොමැති බව රෝහල් බලධාරීන් පවසයි.

මේ අතර, මෙම බස් රථයේ ගමන් කරමින් සිට දිවි බේරාගත් කාන්තාවක් රෝහලේදී නිවුන් දරුවන් ප්‍රසූත කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මෙම අනතුරින් පසුව ඇතැම් පිරිස් බස් රථයේ සිරවී සිටියදී ගිනි නිවන භටයන් පැමිණ ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබුණි.



Recommended Articles