නිරෝධායන බිඳිමින් සාදයක් පැවැත් වූ ජනපතිට වැඩ වරදී


කොරෝනා වසංගතය පාලනය සඳහා දකුණු ඇමෙරිකාවේ සෙසු රටවලට වඩා දැඩි සීමාවන් පැනවූ ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සිය තරුණ සහකාරිය වූ හිටපු මාධ්‍යවේදිනය වෙනුවෙන් පසුගිය වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා තම සහකාරිය සහ ඔවුන්ගේ මිතුර මිතුරියන් සමග උපන්දින සාදයක් පැවැත්වීමෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බවට ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමක් සිදුව ඇත.

වසංගතය සමග කටයුතු කිරීම සඳහා බොහෝ රටවලට වඩා ආර්ජන්ටිනාව දැඩි අගුලු දැමීම පනවා තිබූ හෙයින් ෆර්නැන්ඩස්ට එරෙහි නඩුව එරට තුළ සුවිශේෂී මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔහු පසුගිය වසරේ ජූලි මාසයේදී සිය සහකාරිය වූ ෆැබියෝලා යැනෙස්ගේ උපන්දින සාදය පවත්වන කාලයේදී, ඔහු විසින්ම එරට තුළ සියලු සමාජ රැස්වීම් තහනම් කර තිබුණි.

ඒ අනුව ෆර්නැන්ඩස් මෙම නඩු විභාගයකට සහභාගී වූ අතර, නඩුව සමථයකට පත් කිරීම සඳහා දඩ මුදලක් ගෙවීමට ඉදිරිපත් විය. කෙසේ නමුත් එරට විපක්ෂයේ නීති සම්පාදකයන් ෆර්නැන්ඩස්ට එරෙහිව දේශපාලන නඩු විභාගයක් ආරම්භ කිරීමට උත්සාහ කර ඇති බවද වාර්තා වෙයි.



Recommended Articles