නිරෝධායන නීති කැඩුවොත් නම ප්‍රසිද්ධ කර ලැජ්ජා කරයි


කොරෝන වෛරසයේ පාලන පියවරයන්ට අනුකූල නොවන්නන් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරමින්, ඔවුන් රට තුළ ලැජ්ජාවට පත්කිරීමේ නවතම දඬුවම් දීමේ පියවරක් ජපානය අනුගමනය කර තිබේ.

ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මුලින්ම ප්‍රසිද්ධියට පත්කළ ජපන් ජාතිකයන් තිදෙනා මෑතකදී විදේශයන්හි සිට ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන නීතී උල්ලංඝනය කළ බවට පැහැදිලිව හඳුනා ගැනුණු අය බවයි.

මෙසේ නම් ප්‍රසිද්ධ කිරීමේ නිවේදනය ට්විටර් භාවිතා කරන්නන් අතර වේගයෙන් හුවමාරු වී ඇති අතර,  අදාළ පුද්ගලයන් රැකියා කරන ස්ථානයන් මෙන්ම, ඔවුන්ගේ පදිංචි ස්ථානයන් පවා මෙහිදී ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ජපානය සිය පුරවැසියන් ඇතුළුව විදේශයන්හි සිට පැමිණෙන සියලුම සංචාරකයන්ට සති දෙකක් ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටින අතර, එම කාලය තුළ ස්ථාන නිරීක්ෂණය කරන ස්මාට්ෆෝන් යෙදුමක් භාවිත කර තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කරන ලෙසට ඔවුන්ට දන්වා ඇත.



Recommended Articles