නියුමෝනියා ලක්ෂණ සමග කොවිඩ් ආසාදිත හොන්ඩුරාස් ජනපති රෝහල්ගත කරලා


කොවිඩ්-19 වෛරසය ආසාදිතව හුදකලාව සිය රාජකාරී කටයුතු සිදුකරන බව දැනුම් දුන් හොන්ඩුරාස් ජනපති ජුවාන් ඕර්ලන්ඩෝ හර්නාන්ඩස් නියුමෝනියා ලක්ෂණ සමග හදිසියේ රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාවට මෙන්ම ඔවුන්ගේ සහායකයන් දෙදෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදිත බව ජනාධිපතිවරයා විසින්ම නිවේදනය කර වැඩි වේලාවක් යෑමට පෙර ජනාධිපතිවරයා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය තරමක් හොඳ බව ඔහුගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණි.

මේ අතර රෝග ලක්ෂණ නොපෙන්වා වෛරසය ආසාදිතව සිටින ජනපති ආර්යා ඇනා ගාර්ෂියා තවම නිවසේ හුදකලාව ප්‍රතිකාර ලබයි.



Recommended Articles