නියමු වැඩ වර්ජනයෙන් ලුෆ්තාන්සා මගීන් හිරවෙයි


ජර්මානු ගුවන් සමාගමක් වන ලුෆ්තන්සා හි ගුවන් නියමුවන් සිකුරාදා වැඩවර්ජන ක්‍රියාමාර්ග දියත් කිරීමෙන් පසු යුරෝපය පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇත.

ලුෆ්තාන්සා ඇස්තමේන්තු කරන්නේ පැය 24ක වැඩ වර්ජනයෙන් මගීන් 130,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වනු ඇති බවයි.

සිකුරාදාට නියමිතව තිබූ ලුෆ්තාන්සා ගුවන් ගමන් 1,200 න් 800 කට වඩා වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමෙන්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ මියුනිච් හි ගුවන් සේවා මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් සිදුකර ඇත.

"ජර්මනියේ සහ අනෙකුත් යුරෝපීය රටවල පාසල් නිවාඩු කාලය අවසානයේ ප්‍රධාන ආපසු ගමන් කාලය මැද ගුවන් නියමුවන්ගේ සංගමයේ වැඩවර්ජනය ගුවන් මෙහෙයුම්වලට දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇති" යනුවෙන් ලුෆ්තන්සා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles