නිදහස් ඒකල කඳු නගින්නා බ්‍රැඩ් ගොබ්‍රයිට් කන්දකින් වැටී මරුදකී


ලෝක ප්‍රකට ඇමරිකානු නිදහස් ඒකල කඳු නගින්නෙකු කඳු බෑවුමක පැත්තෙන් බැසීමට උත්සාහ කිරීමේදී ඉන් ඇද වැටී මියගොස් තිබේ.

31 හැවිරිදි බ්‍රැඩ් ගොබ්‍රයිට් උතුරු මෙක්සිකෝවේ එල් පොට්‍රෙරෝ චිකෝහිදී මීටර් 300ක් (අඩි 1,000 ක්) පමණ උසක සිට බිම වැටී ඇත.

ඔහුගේ සගයා වන 26 හැවිරිදි අයිඩාන් ජේකොබ්සන් කෙටි දුරක් වැටී තුවාල සහිතව දිවි ගලවා ගෙන තිබේ.

ගොබ්‍රයිට් වඩාත් ප්‍රචලිත වූයේ තනිව සංචාරය කිරීම හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව කඳු තරණය කිරීම නිසාය.



Recommended Articles