සයිප්‍රසයේ අභිනව ජනාධිපතිවරයා ලෙස නිකොස් ක්රිස්ටෝඩෝලිඩ්ස් තේරීපත්ව ඇති අතර, එය වසර 5ක ධුර කාලයක් බව කියයි.
සයිප්‍රසයේ හිටපු විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය 12දා පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.
එහිදී නිකොස් 51.97%ක බහුතර ජනතා කැමැත්තක් දිනාගත් අතර, ඔහු සමග තරග කළ විපක්ෂයේ අන්ඩ්‍රේස් මැව්රෝයානිස් ලබාගත්තේ 48.03%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.