නිකරගුවා හි නිල දත්ත මෙන් 5 ගුණයක ආසාදිතයන් සිටීලු


නිකරගුවාවේ රජයේ කොවිඩ්-19 නිල සංඛ්‍යා දත්තවලට වඩා පස් ගුණයකින් වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් රට තුළින් වාර්තා වී ඇති බව එරට කොවිඩ්-19 දත්ත සම්බන්ධයෙන් ස්වාධීන නිරීක්ෂණයක යෙදෙන සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඇතුළත් 'ද නිකරගුවන් සිටිසන්ස් කොවිඩ්-19 ඔබ්සවටරි' පවසයි.

එහිදී නිකරගුවාවේ රජය මේ වනවිට රට තුළ සමස්ත නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,118ක් හා මරණ 46ක් වාර්තා කර ඇත. නමුත් 'ද නිකරගුවන් සිටිසන්ස් කොවිඩ්-19 ඔබ්සවටරි' විසින් මේ වනවිට නව කොරෝනා වෛරස ආසාදිතයන් 5,027ක් සහ කොවිඩ්-19 මරණ 1,015ක් වාර්තා කර තිබේ.

එසේම කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත සෞඛ්‍ය සේවකයන් 458ක් සහ සෞඛ්‍ය සේවකයන් අතර වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන මරණ 48ක්ද එම නිරීක්ෂණාගාරයේ වාර්තා වී ඇත.



Recommended Articles