නැගෙනහිර මුහුද වෙත උතුරු කොරියාවෙන් දිගුදුර මිසයිල


උතුරු කොරයාව එහි නැගෙනහිර මුහුද දෙසට "අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක්" (ICBM) එල්ල කළ බව දකුණු කොරියානු ජනරජයේ හමුදාව උපුටා දක්වමින් යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

උතුරු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසුවේ දේශීය වේලාවෙන් අද (18දා) උදෑසන 10:15ට ප්යොන්ග්යැන්ග් හි සුනන් ප්‍රදේශයෙන් දියත් කිරීම අනාවරණය වූ බවයි.

ජපානයේ වෙරළාරක්ෂක බළකායද දියත් කිරීම වාර්තා කළ අතර, මෙතෙක් නැව්වලට හෝ ගුවන් යානාවලට හානි වූ බවක් වාර්තා වී නොමැති බව පැවසීය.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සිකුරාදා වාර්තාකරුවන්ට පැවසුවේ මිසයිලය හොකයිඩෝ සිට කිලෝමීටර් 200ක් බටහිර දෙසින් මුහුදේ වැටී ඇති බවට විශ්වාස කරන බවත්, මෙම දියත් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්ය.

උතුරු කොරියාවේ අවසාන සැක සහිත අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය නොවැම්බර් 3 වැනි දින, දකුණු කොරියානු සහ එක්සත් ජනපදයේ මිත්‍ර හමුදා අභ්‍යාසවලට එරෙහි විරෝධතාවයක් ලෙස දියත් කළේය.

සිකුරාදා දියත් කිරීම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් මත පදනම්ව, මෙම වසරේදී උතුරු කොරියාව විසින් සිදුකළ 8 වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල පරීක්ෂණය වනු ඇත.



Recommended Articles