නැගෙනහිර චීනයේ බස් රථයක් ලොරි රථයක ගැටී 36ක් මරුට


නැගෙනහිර චීනයේදී බස් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජියාන්ග්සු පළාතේදී සිදුවූ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 69 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයේද පුද්ගලයන් තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙවැනි මාරාන්තික රිය අනතුරු චීන මර්ගවල සුලභ දසුනක් වන අතර, බොහෝ අවස්ථාවල මාර්ග නීති කඩකිරීම ඊට හේතුවයි.

මියගිය පිරිසට අමතරව, තවත් පුද්ගලයන් 36 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවත්, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



Recommended Articles