නැගෙනහිර අප්‍රිකාව උග්‍ර ආහාර හිඟයක - UN


නැඟෙනහිර අප්‍රිකාවේ උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවකට සහ උග්‍ර ජල හිඟයට මුහුණදෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 20ක් දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

ඉතියෝපියාව, කෙන්යාව සහ සෝමාලියාව පුරා දැනටමත් මිලියන 15කට අධික ජනතාවක් ආහාර අර්බුදයට මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පැවසීය.

"රටවල් තුන පුරා ළමයින් මිලියන 5.7ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන අතර, පශු සම්පත් මිලියන 3කට වැඩි ප්‍රමාණයක්, එඬේර පවුල් පෝෂණය සහ ජීවනෝපාය සඳහා යැපෙන්නන්ද මිය ගොස් තිබෙනවා" OCHA කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් සහ හදිසි සහන සම්බන්ධීකාරක මාර්ටින් ග්‍රිෆිත්ස් විසින් කෙන්යාවේ දෙදින සංචාරයට පෙර මෙම ප්‍රකාශය නිකුත් කරන ලදී.



Recommended Articles