නාසා හි සඳ රොකට්ටුවට බාලගිරි දෝෂය ඇතිවෙලා


සැප්තැම්බර් 27දාට නියමිතව තිබූ නාසා හි ආටෙමිස් 1 සඳ මෙහෙයුම දියත් කිරීම නැවතත් ප්‍රමාද කිරීමට සිදුව ඇති බව නාසා ආයතනය පවසයි.

ඒ මෙවර ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන නිවර්තන කුණාටුවක් හේතුවෙන් බව සඳහන් වේ.

"නාසා ආයතනය සැප්තැම්බර් 27දා රොකට්ටුව දියත් කිරීමේ අවස්ථාවක් කල්දමා ඇති අතර ඉයන් නිවර්තන කුණාටුව හා සම්බන්ධ කාලගුණ අනාවැකිය දිගටම නිරීක්ෂණය කරමින් සිටිනවා" නාසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ආටෙමිස් 1 මෙහෙයුම සඳ වටා දළ වශයෙන් දින 40ක ගමනක් සඳහා අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) රොකට්ටුව සහ කාර්ය මණ්ඩලයක් නොමැති ඔරියන් අභ්‍යවකාශ යානයක් යැවීමට සූදානම් විය.

එය අඩසියවසකට පෙර නාසා ආයතනයේ ඇපලෝ සඳ ගොඩබෑමේ වැඩසටහනේ පසු විපරමක් වන ගගනගාමීන් වෙනුවට චන්ද්‍ර කක්ෂයේ පරීක්ෂණ පියාසැරිය ලෙස මෙය සංවිධානය වුවද, නිරන්තරයෙන් බාධා ඇතිවූ මෙම සඳ ගමන පසුගිය මාසය තුළ සිදු වූ තුන්වැනි ප්‍රමාදයයි.



Recommended Articles